ෆොල්ඩර් එකක්/ගොඩක් හදමු
දැන් අපි බලමු කොහොමද ෆොල්ඩර් එකක් හදන්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ md/mkdir කියල හදන්න ඕනෙ ෆොල්ඩර් එකේ පාත් එකයි නමයි ටයිප් කරල Enter කරන එක.
උදා:-
c:\users\Thilina>md J:\test
මෙතනදි ඔයල ෆොල්ඩර් එකට පාත් එකක්(J:\) දුන්නැත්තන් අපි දැනට ඉන්න ෆොල්ඩර් එකේම(c:\users\Thilina) දැන් හදපු එකත් හැදෙන්න අති.එකවැර ෆොල්ඩර්ස් ගොඩක් හදන්න ඕනෙ නම්,
ෆොල්ඩර්ස් හදන්න ඕනෙ තැනට ගිහින් ෆොල්ඩර් එකේ නමට ඉස්සරහින් අපිට ඕනෙ අනිත් ෆොල්ඩර්ස් වල නමුත් ඉඩක් තිය තියා ටයිප් කරන්න.
උදා:-
J:\test>md f1 f2 f3
දැන් "J:\test" ෆොල්ඩර් එක ඇතුලෙ f1,f2,f2 කියල ෆොල්ඩර් 3ක් හදෙයි.
ෆොල්ඩර් එකක්/ගොඩක් මකමු.
ෆොල්ඩර් එකක් මකන්න ඕනෙ උනහම rd/rmdir කියල ටයිප් කරල ඉඩක් තියල මකන්න ඕනෙ ෆොල්ඩර් එකේ පාත් එකයි නමයි ටයිප් කරල Enter කරන්න.
උදා:-
c:\users\Thilina>rd J:\test\f3
ඔයාල මකන්න හදන ෆොල්ඩර් එක ඇතුලෙ මොනව හරි ෆයිල්ස් හරි ෆොල්ඩර්ස් හරි තියෙනවනම් "The directory is not empty." කියල Error එකක් ඒයි
මෙකට අපිට පුලුවන් switch එකක් දාන්න, මෙ වගෙ
උදා:-
c:\users\Thilina>rd /s J:\test\f3
දැන් අහයි මකන්නද? එපාද? කියල("j:\test\f3, Are you sure (Y/N)?")
මෙතන "y" ගහල Enter කරන්න පුලුවන්, නැත්තන් මෙහෙම අපෙන් අහන්න එපා... කියල තව switch එකක් දාතැහැකි :)
උදා:-
c:\users\Thilina>rd /s /q J:\test\f3
දැන් නම් මොකුත් අහන එකක් නැ :D
එකවැර ෆොල්ඩර්ස් කිහිපයක් මකන්න ඕනෙනම් ඉස්සල්ල වගේම
ෆොල්ඩර්ස් තියෙන තැනට ගිහින් "rd" කියල ටයිප් කරල ඉඩක් තිය තියා මකන්න ඕනෙ ෆොල්ඩර්ස් වල නම් ටයිප් කරන්න.
උදා:-
J:\test>rd /s /q f1 f2
බලාගෙන මෙ ඩෙලීට් කරන කිසි දෙයක් Recycle Bin එකට යන්නෙනෑ!
ෆොල්ඩර් එකක අතුල බලමු.
ෆොල්ඩර් එකක අතුල බලන්න ඔනෙ උනහම
උදා:-
c:\users>dir c:\users\thilina\desktop
කියල ටයිප් කරල Enter කරන්න.
මේ command එකේ තියෙනවා switches එවගෙන් පුලුවන් අපිට පෙන්නන ප්‍රතිපලේ අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න
උදා:-
c:\users>dir /A:H c:\users\thilina\desktop
කියල ගහපුහාම hidden files පෙන්නනව.
මේ command එකේ ගොඩාක් switches තියෙනවා ඒක නිසා ඒවා ඔක්කොම ලියන්න අමාරුයි, :( ඔයාලට පුලුවන් command line එකේ help dir කියල ට්යිප් කරල ඒ ටික ඔක්කොම හොයගන්න නැත්තන් මෙ
ලින්ක් එකට යන්න එකේ help එකට වඩා ටිකක් පැහැදිලිව තියෙනවා.