Monday, January 23, 2012

Windows Command Line වලට තවත් එක් හදින්වීමක්

ත්තම කිව්වොත් Windows Command Line වලට සිංහලෙන් කියන නම මම දන්නෙනෑ ඒකයි මාතෘකාවෙ ඒ කෑල්ල ඉංග්‍රීසියෙන් දැම්මෙ. හරි කමක් නැ මොකක් උනත්.මම ගිය අවුරුද්දෙ පොඩ්ඩක් ඕනෙ වෙලා බලනකන් command line ගැන විශේෂ අශාවක් තිබුන්නෑ, මොකද command line පාවිච්චි කරන්නැතුව ලස්සනට වැඩ ටික කරගන්න පුලුවන්නෙ. ඒ උනාට මේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් කියල දැන් හිතෙනව, ඉතින් මම කල්පනා කලා මම ලොකුවටම මේ ගැන දන්නැති උනත් මම දන්න හරිය හරි බ්ලොග් එකේ දාන්න ඕනෙ කියල.

"Start>All Programs>Accessories>Command Prompt" ගිහින් හරි
run එකේ "cmd" කියල ට්යිප් කරල හරි(Windows 7 වල නම් search එකේ ගහුවත් හරි) Command line open කරගත්තම, කලු පාට වින්ඩො එකක සුදු පාට අකුරු වගේකින් ඔයලාගෙ Home Folder එකේ path එක ලියවිලා අති ඒ කරල තව ">" ලකුණකුත් ඇති එතනින් එහාට ට්යිප් කරන්න පුලුවන් අපිට. අකුරු වලින් ලියවිලා තියෙන්නෙ අපි දැන් ඉන්න ෆොල්ඩර් එක, ඒ කියන්නෙ අපි දැනට ඉන්නෙ ඒ Home ෆොල්ඩර් එකේ.

දැන් ඉස්සල්ලම අපි බලමු command line එකෙන් windows Explorer  එකේ යනව වගේ එහෙට මෙහෙට යන්නෙ කොහොමද කියල.


ෆොල්ඩර් එකකින් එලියට එමු.

ඔතනම ඉදන්

    cd..

කියල ට්යිප් කරල Enter කරොත් ඉන්න තැන ඉදන් ෆොල්ඩර් එකක් පිටිපස්සට යන්න පුලුවන්.

එකවරම අපි දැන් ඉන්න ඩ්‍රයිව් එකේ root එකට යන්න ඔනෙ නම්

    cd\

කියල ට්යිප් කරල Enter කරන්න.

ෆොල්ඩර් එකක් අතුලට යමු.

දැන් ෆොල්ඩර් එකක් අතුලට යන්න ඔනෙ නම් cd කියල ට්යිප් කරල ඉඩක් තියල අපි දැන් ඉන්න ෆොල්ඩර් එකේ හරි ඩ්‍රයිච් එකේ හරි අතුලෙ තියෙන ෆොල්ඩර්(sub Folder) එකක නමක් ගහල Enter කරන්න.

    උදා:-
         c:\users>cd thilina

එකවර ෆොල්ඩර් දෙක තුනක් ඇතුලට යන්න ඔනෙ නම් cd කියල ලියල ඩ්‍රයිව් එකෙ ඉදන් පාත්(url) එක හරි දැන් ඉන්න ෆොල්ඩර් එකෙ ඉදන් පාත් එක(relative url) හරි ගහන්න.

    උදා:-
        c:\users>cd thilina\downloads\music
        c:\users>cd c:\users\thilina\downloads\music


වෙන ඩ්‍රයිව් එකකට මරු වෙමු.

අපි දැන් ඉන්න ඩ්‍රයිව් එක අරෙන්න වෙන ඩ්‍රයිව් එකක ෆොල්ඩර් එකක් අතුලට යන්න නම් අපි දැන් ඉන්න ඩ්‍රයිව් එකෙන් ඒ ෆොල්ඩර් එක තියෙන ඩ්‍රයිව් එකට මාරු වෙන්න ඔනෙ. ඒකට අපිට ඕනෙ ඩ්‍රයිව් එකේ අකුරයි ":" ගහල Enter කරන්න.

    උදා:-
        J:

කියල ටයිප් කරල Enter කරන්න.



No comments:

Post a Comment