Wednesday, February 15, 2012

වින්ඩොව්ස් 7 shutdown කරන්න පොඩි app එකක්

7 වල තියෙන්නෙ menu එකක් නිසා හදිස්සියට පොඩ්ඩ වැරදුනොත් shut down වෙනව.විශේෂයෙන්ම මම වගෙ   windows xp වලට හුරු වෙච්ච හදිස්සි කරයින්ට.
 ඒ නිසා මම හැදුව පොඩි app එකක්. සුපිරි නැ, ඒ උනත් වැඩ. මේක හැදුවෙ vb.net වලින් නිසා ඉස්සල්ල .net framework දාල ඉන්න වෙනව.




මෙතනින් පුලුවන් app download එක කරගන්න.

වින්ඩොස් hibernate කරමු

මේ ලගදි දවසක මම බැලුව windows 7 hibernate කරන්න. power button එක click කරල බලුවම එකෙ නෑ එහෙම එකක්,ඉතින් මම Google search එකක් දාල බලුව කොහොමද hibernate enable කරගන්නෙ කියල. හම්බුනා article එකක් ඉතින් try කලා, වැඩ. ඒකෙ තිබ්බෙ මෙහෙමයි.

Start>control Panel>power Options ගිහින්
(Power Options පේන්න නත්තන්
view by: Small icon/Large icon දාන්න)



දැන් පැත්තෙන් තියෙන Change when the computer sleep click කරල
Change advanced power settings එකත් click කරන්න.




දැන් sleep>Allow hybrid sleep>setting off කරන්න.
apply කරල බලන්න shutdown menu ඇවිත් අති. :)








xp වල නම්

Desktop එකේ right click කරල properties ගිහින්
screen saver tab එකේ power ගිහින් hibernate tab එකේ enable hibernation check කරල apply කරන්න





















දැන් shutdown ගිහින් dialog box ආවහම Shift එක ඔබන්න.


stand by වෙනුවට hibernate ඇවිත් අති.

Wednesday, January 25, 2012

Windows Command Line වලට තවත් එක් හදින්වීමක්.(2)

ඔයාල මගෙ කලින් "Windows Command Line වලට තවත් එක් හදින්වීමක්" කියන පොස්ට් එක කියෙව්වෙ නැත්තන් මෙතනින් ඒක කියවතහැකි.








ෆොල්ඩර් එකක්/ගොඩක් හදමු

දැන් අපි බලමු කොහොමද ෆොල්ඩර් එකක් හදන්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ md/mkdir කියල හදන්න ඕනෙ ෆොල්ඩර් එකේ පාත් එකයි නමයි ටයිප් කරල Enter කරන එක.

    උදා:-
        c:\users\Thilina>md J:\test

මෙතනදි ඔයල ෆොල්ඩර් එකට පාත් එකක්(J:\) දුන්නැත්තන් අපි දැනට ඉන්න ෆොල්ඩර් එකේම(c:\users\Thilina) දැන් හදපු එකත් හැදෙන්න අති.එකවැර ෆොල්ඩර්ස් ගොඩක් හදන්න ඕනෙ නම්, ෆොල්ඩර්ස් හදන්න ඕනෙ තැනට ගිහින් ෆොල්ඩර් එකේ නමට ඉස්සරහින් අපිට ඕනෙ අනිත් ෆොල්ඩර්ස් වල නමුත් ඉඩක් තිය තියා ටයිප් කරන්න.

    උදා:-
        J:\test>md f1 f2 f3

දැන් "J:\test" ෆොල්ඩර් එක ඇතුලෙ f1,f2,f2 කියල ෆොල්ඩර් 3ක් හදෙයි.


ෆොල්ඩර් එකක්/ගොඩක් මකමු.

ෆොල්ඩර් එකක් මකන්න ඕනෙ උනහම rd/rmdir කියල ටයිප් කරල ඉඩක් තියල මකන්න ඕනෙ ෆොල්ඩර් එකේ පාත් එකයි නමයි ටයිප් කරල Enter කරන්න.

    උදා:-
        c:\users\Thilina>rd J:\test\f3

ඔයාල මකන්න හදන ෆොල්ඩර් එක ඇතුලෙ මොනව හරි ෆයිල්ස් හරි ෆොල්ඩර්ස් හරි තියෙනවනම් "The directory is not empty."  කියල Error එකක් ඒයි
මෙකට අපිට පුලුවන් switch එකක් දාන්න, මෙ වගෙ

    උදා:-
        c:\users\Thilina>rd /s J:\test\f3

දැන් අහයි මකන්නද? එපාද? කියල("j:\test\f3, Are you sure (Y/N)?")
මෙතන "y" ගහල Enter කරන්න පුලුවන්, නැත්තන් මෙහෙම අපෙන් අහන්න එපා... කියල තව switch එකක් දාතැහැකි :)

    උදා:-
        c:\users\Thilina>rd /s /q J:\test\f3

දැන් නම් මොකුත් අහන එකක් නැ :D

එකවැර ෆොල්ඩර්ස් කිහිපයක් මකන්න ඕනෙනම් ඉස්සල්ල වගේම ෆොල්ඩර්ස් තියෙන තැනට ගිහින් "rd" කියල ටයිප් කරල ඉඩක් තිය තියා මකන්න ඕනෙ ෆොල්ඩර්ස් වල නම් ටයිප් කරන්න.


    උදා:-
        J:\test>rd /s /q f1 f2


බලාගෙන මෙ ඩෙලීට් කරන කිසි දෙයක් Recycle Bin එකට යන්නෙනෑ!





ෆොල්ඩර් එකක අතුල බලමු.

ෆොල්ඩර් එකක අතුල බලන්න ඔනෙ උනහම

    උදා:-
        c:\users>dir c:\users\thilina\desktop


කියල ටයිප් කරල Enter කරන්න.
මේ command එකේ තියෙනවා switches එවගෙන් පුලුවන් අපිට පෙන්නන ප්‍රතිපලේ අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න

    උදා:-
        c:\users>dir /A:H c:\users\thilina\desktop

කියල ගහපුහාම hidden files පෙන්නනව.

මේ command එකේ ගොඩාක් switches තියෙනවා ඒක නිසා ඒවා ඔක්කොම ලියන්න අමාරුයි, :( ඔයාලට පුලුවන් command line එකේ help dir කියල ට්යිප් කරල ඒ ටික ඔක්කොම හොයගන්න නැත්තන් මෙ ලින්ක් එකට යන්න එකේ help එකට වඩා ටිකක් පැහැදිලිව තියෙනවා.

Monday, January 23, 2012

Windows Command Line වලට තවත් එක් හදින්වීමක්

ත්තම කිව්වොත් Windows Command Line වලට සිංහලෙන් කියන නම මම දන්නෙනෑ ඒකයි මාතෘකාවෙ ඒ කෑල්ල ඉංග්‍රීසියෙන් දැම්මෙ. හරි කමක් නැ මොකක් උනත්.මම ගිය අවුරුද්දෙ පොඩ්ඩක් ඕනෙ වෙලා බලනකන් command line ගැන විශේෂ අශාවක් තිබුන්නෑ, මොකද command line පාවිච්චි කරන්නැතුව ලස්සනට වැඩ ටික කරගන්න පුලුවන්නෙ. ඒ උනාට මේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් කියල දැන් හිතෙනව, ඉතින් මම කල්පනා කලා මම ලොකුවටම මේ ගැන දන්නැති උනත් මම දන්න හරිය හරි බ්ලොග් එකේ දාන්න ඕනෙ කියල.

"Start>All Programs>Accessories>Command Prompt" ගිහින් හරි
run එකේ "cmd" කියල ට්යිප් කරල හරි(Windows 7 වල නම් search එකේ ගහුවත් හරි) Command line open කරගත්තම, කලු පාට වින්ඩො එකක සුදු පාට අකුරු වගේකින් ඔයලාගෙ Home Folder එකේ path එක ලියවිලා අති ඒ කරල තව ">" ලකුණකුත් ඇති එතනින් එහාට ට්යිප් කරන්න පුලුවන් අපිට. අකුරු වලින් ලියවිලා තියෙන්නෙ අපි දැන් ඉන්න ෆොල්ඩර් එක, ඒ කියන්නෙ අපි දැනට ඉන්නෙ ඒ Home ෆොල්ඩර් එකේ.

දැන් ඉස්සල්ලම අපි බලමු command line එකෙන් windows Explorer  එකේ යනව වගේ එහෙට මෙහෙට යන්නෙ කොහොමද කියල.


ෆොල්ඩර් එකකින් එලියට එමු.

ඔතනම ඉදන්

    cd..

කියල ට්යිප් කරල Enter කරොත් ඉන්න තැන ඉදන් ෆොල්ඩර් එකක් පිටිපස්සට යන්න පුලුවන්.

එකවරම අපි දැන් ඉන්න ඩ්‍රයිව් එකේ root එකට යන්න ඔනෙ නම්

    cd\

කියල ට්යිප් කරල Enter කරන්න.

ෆොල්ඩර් එකක් අතුලට යමු.

දැන් ෆොල්ඩර් එකක් අතුලට යන්න ඔනෙ නම් cd කියල ට්යිප් කරල ඉඩක් තියල අපි දැන් ඉන්න ෆොල්ඩර් එකේ හරි ඩ්‍රයිච් එකේ හරි අතුලෙ තියෙන ෆොල්ඩර්(sub Folder) එකක නමක් ගහල Enter කරන්න.

    උදා:-
         c:\users>cd thilina

එකවර ෆොල්ඩර් දෙක තුනක් ඇතුලට යන්න ඔනෙ නම් cd කියල ලියල ඩ්‍රයිව් එකෙ ඉදන් පාත්(url) එක හරි දැන් ඉන්න ෆොල්ඩර් එකෙ ඉදන් පාත් එක(relative url) හරි ගහන්න.

    උදා:-
        c:\users>cd thilina\downloads\music
        c:\users>cd c:\users\thilina\downloads\music


වෙන ඩ්‍රයිව් එකකට මරු වෙමු.

අපි දැන් ඉන්න ඩ්‍රයිව් එක අරෙන්න වෙන ඩ්‍රයිව් එකක ෆොල්ඩර් එකක් අතුලට යන්න නම් අපි දැන් ඉන්න ඩ්‍රයිව් එකෙන් ඒ ෆොල්ඩර් එක තියෙන ඩ්‍රයිව් එකට මාරු වෙන්න ඔනෙ. ඒකට අපිට ඕනෙ ඩ්‍රයිව් එකේ අකුරයි ":" ගහල Enter කරන්න.

    උදා:-
        J:

කියල ටයිප් කරල Enter කරන්න.



Saturday, January 14, 2012

Pen drive එකට icon එකක් දාගමු

Pen drive එකට icon එකක් දාන එක හරිම ලේසියි, ඉස්ල්ලම අපිට ඕනෙ icon එකක්. Google Search එකක් දාල ලස්සන icon එකක් හොයා ගන්න පුලුවන් නැත්තන් ms paint හරි වෙන software එකකින් හරි image එකක් හදාගෙන මේ website එකට ගිහින් ඒක .ico file එකකට convert කරගත හැකි. icofx එකෙන් නම් ලස්සනට එකවැරම වැඩේ කරගත හැකි මගෙ ගාව තිබුන්නෑ ඒක download කරන්නත් කම්මැලි හිතුන ඒකයි website එක  use කලේ.

දැන් අපේ .ico file එක "icon" කියල rename කරල pen එකට නිකම්ම copy කරන්න folder ඇතුලට දාන්න එපා
දැන් notepad open කරගෙන මේ පල්ලෙහා තියෙන  පේලි 2 copy කරලා ඒකෙ past කරන්න

[Autorun]
Icon=icon.ico
දැන් notepad එකේ  file>save as ගිහින් file type එක all files select කරල file name එකට Autorun.inf කියල දාල ඒ file එකත් pen එකටම save කරන්න.






දැන් refresh පාරක් දාල බලන්න. pen එක ගලවල ගැහුවත් කමක් නෑ
වැඩේ හරි ගියා නම් pen එකේ icon එක වෙනස් වලා තියේවි.



pen එකේ root එකේ file 2 ක් පේනකොට නිකන් upset වගේනම් ඒ file 2 system hide කරන්න පුලුවන් ඒ ගමන්ම read only කරලත් දාන එක හොදයි
ඒක කරන්නෙ මහෙමයි
command line open කරගෙන (start>all programs>accessories>command prompt)
ඒකෙ මහෙම type කරල

Attrib +s +h +r R:\*.*

enter කරන්න



මේකෙන් root එකේ තියෙන හැම file එකක්ම වෙනවා,ඒ නිසා root එකේ වෙන file තියෙනවනම් අයින් කරල ඉන්න.

pen එක format කලොත්‍ file 2 මැකෙන නිසා කොහට හරි copy කරගෙන ඉන්න.සමහර virus gard software වලිනුත්‍ autorun මකන නිසා ඒ ගැනත් පොඩ්ක් බලන්න, avast වලින් නම් delete කලේ නෑ.